දයාසිරි අනතුරකට ලක‍්වෙයි

0
Dayasiri Jayasekara - දයාසිරි අනතුරකට ලක‍්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම සඳහා පා පැදියක නැගී ගමන් කරද්දී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ඊයේ (21) මෙම අනතුර සිදුව තිබේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය සාමාන්‍ය රිය අනතුරක් බවයි.

තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඇමතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here