කිරිපිටි ආනයනයට සීමා

0
කිරිපිටි

ගැටළු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව කිරිපිටි ආනයනය කිරීම පහළ දැමීමටයි කිරිපිටි සමාගම් පියවර ගෙන තිබෙන්නේ.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි
ආනයනකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී රජයෙන් ඉල්ලා තිබුණ් කිරිපිටි මිල ඉහළ දමන ලෙසයි.

එයට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා මෙලෙස කිරිපිටි ආනයනය සීමා කිරීමටයි ආනයනකරුවන් තීරණය කර තිබෙන්නේ.

මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් පමණ වන අතර එය මසකට ටොන් 6,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතින බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ