නාමල් ඔලිම්පික් යයි

0
නාමල් ඔලිම්පික් යයි

ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා

එමෙන්ම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට එම තරග පැවැත්වෙන දිනවලදී අමාත්‍යවරයා ක්‍රීඩාංගනයට යාමට සූදානමින්ද සිටිනවා

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට නියමිතයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අපි රටක් ලෙස එකතු වෙමු ! යනුවෙන් සටහනක්ද අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබෙනවා