පළාත් සංචරණ සීමා කඩ කළහොත් වැඩ වරදියි – පොලීසියෙන් දැනුම්දීමක්

0
Travel Restrictions : පළාත් සංචරණ සීමා කඩ කළහොත් වැඩ වරදියි - පොලීසියෙන් දැනුම්දීමක්

එළැඹෙන සති අන්තයේදී නිරෝධායන රීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සංචරණ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

එමෙන්ම එම සති අන්තයේදී නිරෝධායන මෙහෙයුම් සඳහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

ගත වූ දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයිව් 189 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 51,581 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඉන් පුද්ගලයින් 44,000කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවත් පුද්ගලයින් 7,000කට පමණ නඩු පැවරීමට ඇති බව කියා සිටියේය.

ඔවුන් සියලු දෙනා ඇප මත මුදාහැර ඇති බැවින් දැනුම්දුන් දිනකදී අධිකරණයේ පෙනී සිටිමට වගබලාගත යුතු බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here