නිරෝධායනය අතරේ සාද දැමු ක්‍රීඩකයන්ට තරගවලට සහභාගිවීම තාවකාලිකව අත්හිටුයි

0
නිරෝධායනය අතරේ සාද දැමු ක්‍රීඩකයන්ට තරගවලට සහභාගිවීම තාවකාලිකව අත්හිටුයි

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනය ට ලක්ව සිටියදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ඉන්දියාවේ පැවති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කරුවන්ට හා ඔවුන් භාරව සිටි නිලධාරීන්ට විනය පරීක්ෂණ අවසන්වනතුරු ඔවුන්ට තරගාවලට සහභාගිවීම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා

එහෙත් මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් දෙදෙනෙකුට පමණක් අවස්ථාව ලබාදෙන අතර ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමෙන් පසුව විනය පරීක්ෂණ අවසන්වනතුරු එම ක්‍රීඩකයන් දෙදෙනාටද එම තරග තහනම බල පැවැත්වෙනු ඇති

මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්වී සිටින අතරතුර සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් සහ නිරෝධායන නීතියද උල්ලංඝනය කරමින් රාත්‍රී මත්පැන් සාදයක් පැවැත්වූ බවට සුගතදාස ක්‍රීඩා නිලධාරීන් විසින් මිට පෙර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් කර තිබුණා

මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර පරීක්ෂණ කටයුතු අවසන්වනතෙක් තරග තහනමක් පනවා ඇති අතර ඔවුන් සියලු දෙනාට ක්‍රීඩාංගනවලට ඇතුළුවීම ,ක්‍රීඩා විවේකාගාරවලට ඇතුළුවීම ,ක්‍රීඩා නේවාසිකාගාරවලට ඇතුළුවිමද තාවකාලිකව තහනම් කර තිබෙනවා