රෝහලේදීම දින 16ක බිළිඳියට කිරි සමග මුසු කර වස දුන් අම්මා

0
Murder Attempt - රෝහලේදීම දින 16ක බිළිඳියට කිරි සමග මුසු කර වස දුන් අම්මා

හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිළිඳියකට වස දමා මව්කිරි මව් කිරි පෙවීමට උත්සහ කළ බව කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුල්ම් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

මෙම කාන්තාවගේ බිලිඳිය අඩු මාසෙකින් අඩු බර සහිතව ඉපදීම නිසා ඇගේ බර යතා තත්ත්වයට ගැනීමට නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ඇති අතර සැකකාර මව දිනපතා බිලිඳියට දොවා මව් කිරි පොවන අතර සිද්ධිය වූ දිනයේ එම කිරි වලින් සැර ගන්ධයක් වහනය වූ නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)