තවත් කොරෝනා මරණ 47ක්

1
Covid Deaths Yesterday - තවත් කොරෝනා මරණ 47ක්
මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 20 තහවුරු කර තිබෙනවා.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26ක් සහ කාන්තාවන් 21ක් ඇතුලත්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3917ක් ලෙසටයි.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 10ක් සහ කාන්තාවන් 4දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 16ක් සහ කාන්තාවන් 17ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.