කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක්

0
Today Weather Forecast - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක්
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්නසන්තුරය හාරහා ත්‍රිකුණාමලය දක්වා වන නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ.

අද (21) පස්වරු 2.30 සිට හෙට (22) පෙරවරු පස්වරු 2.30 දක්වා කාලය තුළදී එම ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්නසන්තුරය හාරහා ත්‍රිකුණාමලය දක්වා වන නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 පමණ දක්වා වැඩි විය හැකි බව ද නිවේදනය කරයි.

තවද ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්නසන්තුරය හාරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

එබැවින් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සඳහන් කාලය තුළදී අනතුරුදායක වන අතර නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව දන්වා තිබේ.