දියණියට අතවර කළ පියා අධිකරණයට බයේ දිවි නසාගනී

2
Suicide - දියණියට අතවර කළ පියා අධිකරණයට බයේ දිවි නසාගනී

දෙමවුපියන්ගේ ආරවුලක් හේතුවෙන් සිය මිත්තණියගේ රැකවරණ මැද කල්ගෙවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ එම දැරියගේ පියා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් දිවි නසාගත් පුවතක් නයිවල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

වසර තුන හතරක කාලයක පටන් සිය පියා විසින් තමාට ලිංගික අතර කරන බව දැරිය විසින් සිය මවට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එම ඒකකයේ නිලධාරිනියන් විසින් සැකකාර 46 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර පොලිස් ඇප මත මුදාහැර ඇත. අනතුරුව නිවසට පැමිණි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් විෂ සහිත අල වර්ගයක් ආහාරයට ගෙන සිය දිවි හානිකර ගෙන ඇත.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)