පළාත් අතර සංචරණ සීමා පිළිබඳව දැනුම්දීමක්

0
Inter Provincial Travel - පළාත් අතර සංචරණ සීමා පිළිබඳව දැනුම්දීමක්

නැවත දැනුම් දෙන තුරු පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

පළාත් අතර සාමාන්‍ය සේවා සඳහා වන ගමන් බිමන් ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු පැවසීය.

ජුනි 10 වන දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සංචරණ සීමාවන් ලිහිල් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

සංචරණ සීමාවන් ලිහිල් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය රාජකාරි සඳහා අන්තර් පළාත් බස් හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් ජූලි 14 සිට ක්‍රියාත්මක කිරීමට අවසර දී තිබුණි.

කෙසේ වෙතත් එම තීරණයෙන් දින දෙකකට පසු පළාත් අතර සංචරණ සීමාවන් නොතකා කටයුතු කිරීම හේතුවෙන් සීමිත ප්‍රමාණයකට යොදවා තිබූ බස් සහ දුම්රිය අගෝස්තු 01 වනදා දක්වා අත්හිටුවීමට සිදුවිය.

සීමිත බස් හා දුම්රිය සේවා අගෝස්තු 1 වනදා දක්වා පළාත් අතර ක්‍රියාත්මක වුවද, නැවත දැනුම් දීමක් සිදු වන තුරු පළාත් අතර සංචරණය සීමා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

(dailymirror.lk වෙබ් අඩවිය ඇසුරිනි)