16 හැවිරිදි දැරියක් අතුරුදන්

0
16 හැවිරිදි දැරියක් අතුරුදන්

16 හැවිරිදි දැරියක් අතුරුදන් ව ඇතැයි කොට්ටාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන එම දැරිය ඊයේ (19) දහවල් 1.30ට පමණ රෙදි දැමීම සඳහා ගිය අවස්ථාවේ දී අතුරුදන් ව ඇතැයි ඥාතීන් පවසති.

ඇය සිය මිතත්ණිය සමඟ නිවසේ සිට ඇති අතර රෙදි වේලීම සඳහා නිවසේ සැලැබ් එක මතට නැඟ තිබේ.

පසුව මිත්තණිය විනාඩි කිහිපයක් බලා සිටිය ද මිණිබිරිය නොපැමිණීම හේතුවෙන් කලබලයට පත්ව දැරියගේ මවට පවසා ඇත.

දැරියගේ මව ද රෝගාතුරව සිටින කාන්තාවක් වන අතර, පසුව ඇය විසින් කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.