ෂොපිං බෑග් භවිතය තහනම්

0
ෂොපිං බෑග් භවිතය තහනම්

2022 වසරේ ජනවාරි මස සිට ෂොපිං බෑග් තහනමේ පළමු අදියර ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

පරිසර අමාත්‍යාංශය විසින් මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ සිලි සිලි බෑග් ( ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග්) භාවිතය තහනම් කිරීමට යෝජිතයි.

ඒ අනුව අදියර දෙකක් යටතේ සිලි සිලි බෑග් තහනම් කිරීමට මේ වනවිට අවධානය යොමු කර තිබෙන අතර එහි පළමු අදියර 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

මෙරට වාර්ෂික සිලි සිලි බෑග් භාවිතය බිලියන 02 ඉක්මවා ඇති අතර පරිසර අමාත්‍යාංශය විසින් එකතු කරන ලද දත්ත අනුව මෙරට සුපිරි වෙළෙදසැල් ජාලයට අයත් සමාගම් ජාල දෙකක් විසින් වර්ෂයකට පාරිභෝගිකයින්ට නොමිළයේ නිකුත් කරන සිලි සිලි බෑග් ප්‍රමාණය කෝටි 100ක් වනවා.

එක් සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් එක් සාප්පුවකින් පමණක් දිනකට නිකුත් කරන ෂොපිං බෑග් ප්‍රමාණය ලක්ෂ 05ක් වනවා.

ඒ අනුව අගල් 10ක් පළළ, අඟල් 05ක් ගැඹුර හා අඟල් 16 උසින් යුත් ප්‍රමාණය හා ඊට අඩු සියලුම ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග් පළමු අදියරේ දී තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පවසනවා.

මෙහිදී ඉහත සඳහන් කළ ප්‍රමාණයේ හැඩලය සහිත හා රහිත සියලුම සිල සිලි බෑග් තහනම් කිරීමට නියමිතයි.