වයස 74ක කාන්තාවක දූෂණය කළ 34 වියැති ඥාති මුණුපුරෙකු අත්අඩංගුවට

0
Sexual Abuse - වයස 74ක කාන්තාවක දූෂණය කළ 34 වියැති ඥාති මුණුපුරෙකු අත්අඩංගුවට

මැකිලියතැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 74ක කාන්තාවක දූෂණයට ලක්කළ වයස අවුරුදු 34ක ඥාති මුණුපුරෙකු ඌරුබොක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ නිවෙසක තනියම ජීවත් වූ වයස අවුරුදු 74ක කාන්තාවක් ඒ ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 34ක අවිවාහක පුද්ගලයෙකු විසින් දූෂණය කර ඇති බවට කාන්තාවගේ දියණිය විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව, ස්ථානාධිපති සමරවික්‍රම මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. දේවිකා මිහිරාණි මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව වසර 30ක පමණ කාලයක සිට නිවෙසේ තනියම ජීවත්වන බවත් දරුවන් 9 දෙනෙකුගේ මවක් වන ඇය දරුවන් විවාහ වූ පසු තනියම නිවසේ ජීවත්ව සිට ඇත.

ඉකුත් 13 දින රාත්‍රී මෙම කාන්තාව ආහාර ගෙන විදුලි බුබුළු නිවා දමා නින්දට ගොස් ඇති බවත් රාත්‍රි 11.00ට පමණ කිසියම් පුද්ගලයෙකු නිවසේ වහලයේ උළු ඉවත් කර නිවෙසට ඇතුළු වී නිවා දමා තිබූ විදුලි බුබුළු දල්වා කාමරයක ඇදක් මත නිදාගෙන සිටි කාන්තාව අවදිකර කටට රෙදි පාන්කඩ දමා බරපතළ ලෙස දූෂණයට ලක්කර ඇති බවට පොලිසිය පවසයි. කාන්තාව දූෂණයට ලක්කළ පුද්ගලයා එම නිවස ආසන්නයේ ම නිවසක තනියම ජීවත්වන බවත් දූෂණයට ලක්වූ කාන්තාවගේ ඥාති මුණුපුරෙකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දූෂණයට ලක්වූ කාන්තාව මෙම සිද්ධිය කිසිවකුටත් පවසා නොමැති අතර ඉකුත් 16 දින දියණිය මව බැලීමට මවගේ නිවසට ගිය අවස්ථාවේ මවගේ කට තැළී ඉදීමී තිබීම පිළිබඳව දියණිය මවගෙන් ඒ විමසා ඇති අතර ඒ අවස්ථාවේ සිද්ධිය දියණියට පැවැසීමෙන් පසු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, පොලිස් පරීක්ෂණ ආරම්භ කර කාන්තාව පදිංචි නිවස ආසන්නයේ නිවෙසක තනියම ජීවත්වන ඥාති මුණුපුරා අත්අඩංගුවට ගෙන ඇත. දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.

සැකකරු කාන්තාවගේ නිවෙසේ විදුලි බුබුළු දල්වා කාන්තාව දූෂණයට ලක්කර ඇති බවත් දූෂණයට ලක්වූ කාන්තාවට සිහි නැතිවීම නිසා කාන්තාව මිය යන්නට ඇති බවට සිතා නිවසේ ඉදිරිපස දොර විවෘත කර පළා ගිය බවට සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.