අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත

0

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය  යොමුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මේ අතර රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කට ද බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 97කට ද කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇති අතර සෙසු ගුරුවරුන්ට ද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව එම මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙනවා.