පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් 40 දෙනෙකුට කොවිඩ්

0
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් 40 දෙනෙකුටම කොවිඩ්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් 45 දෙනෙකු අතරින් 40 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව පළාත් සෞඛ්‍ය අංශ පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

කොවිඩ් ආසාදනය වූ 40 දෙනා අතරින් 11 දෙනෙකුම කාන්තාවන් බවත් ඔවුන් මේ වනවිට පැණිදෙනිය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බව සඳහන්

එමෙන්ම අනිත් ආරක්ෂක නිලධාරීන් නාවලපිටිය ,කුරුඳුවත්ත සහ තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා

පේරාදෙණිය රෝහලේ ආරක්ෂක කටයුතු සඳහා මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු කණ්ඩායමක් තාවකාලිකව යොදවා තිබෙන අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.