දරුවන් ප්‍රවේසම් කර ගන්න.. ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුවන්ට වැඩි බලපෑමක්…

0
Delta Covid Variant Effect for Childtren - දරුවන් ප්‍රවේසම් කර ගන්න.. ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුවන්ට වැඩි බලපෑමක්...

මෙතෙක් සෙසු කොරෝනා ප්‍රභේදයන්ගෙන් බලපෑමක් එල්ල නොවූ කුඩා ළමුන්ට ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වැඩි බලපෑම් ඇතිවිය හැකි බව අද පුවත්පත් වාර්තා කර ඇත.

ළමුන්ට, නිවසේ හා සමාජයේ සෙසු අයට එම වෛරසය පහසුවෙන් පැතිරවිය හැකි බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන ඇති බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් කුඩා ළමුන් එළිමහනේ ගැවසෙන විට ඔවුන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි බටහිර වෛද්‍ය පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ.

වොෂින්ටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට කුඩා ළමුන් තුළ සෙසු කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදනය වූ විට මතුවන රෝග ලක්ෂණවලට වඩා ලක්ෂණ මතුවිය හැකි බවයි .