චීන සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට ජනතාවට

0

චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරාගෙන ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එසේ තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබන සතියේ සිට එම එන්නත් ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන රජය විසින් මෙරටට එන්නත් මාත්‍රා 600,000 පරිත්‍යාග කළ අතර ඉන් කොටසක් මෙරට ජීවත්වන චීන ජාතිකයින්ට ලබාදුනි.