පළාත් අතර සංචරණ සීමා ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

0
Ajith Rohana - පළාත් අතර සංචරණ සීමා ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කරමින් පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බවයි.

එමෙන්ම පළාත් දෙකක් අතර සිදුවන මංගල උත්සවයකදී එම පාර්ශවයන් දෙකෙන් එක් පාර්ශවයකට අනෙක් පළාත වෙත ගමන් කිරීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

එහිදී මනාලයාගේ හෝ මනාලියගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මේ අතර විවාහ මංගල උත්සවයක් වෙනුවෙන් සහභාගී කරගත හැකි උපරිම සංඛ්‍යාව 150කට හෝ අදාල ස්ථානයේ ධාරිතාවෙන් හතරෙන් එකක් පමණක් බව පොලිසිය යළිත් මතක්කර දෙනවා.