සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ

0
O/L Practicals - සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් මස 8 දින දක්වා පැවත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරීස් මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එම සිසුන්ගේ පෙර පුහුණුවීම් සඳහා ජූලි 26 දින සිට මාසයක කාලයක් සිසුන් පාසලට කැඳවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර 2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධ අයදුම්පත්‍ර භාර ගැනීමට දැනට තිබෙන අවසාන දිනය ලෙස ජූලි 31 බවට ප්‍රකාශයට පත්කොට තිබුණ ද ඒ අයදුම්කරුවන්ට සාධාරණයක් ඉටු විය යුතු බැවින් එම අයදුම්පත්‍ර භාරගැනීම අගෝස්තු 07 වන සෙනසුරාදා දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළ බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.