ඊළඟ ජනාධිපතිවරණයටත් මම තරග කරනවා – ජනපති පළමුවරට ‌අනාවරණය කරයි

0
ඊළඟ

තමන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වතාවට අනාවරණය කළේය.

අද (19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

මීට පෙර කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඊළග ජනාධිපතිවරණට ඉදිරිපත් වන බවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නොතිබිණ.

ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, RWP, RSP, පීඑස්සී, GR (උපත 20 ජූනි 1949) ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයායි. ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, තාක්ෂණධරයෙක් සහ විශ්‍රාමික හමුදාමය නිලධාරියෙක් වේ. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.

2009 වසරේදී දෙමළ කොටි  පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින,  කොටි  විසින් කොළඹදී එල්ල කල  සිදුවීමකින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.

වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.

ජීවිතයේ මුල් අවධිය

මාතර දිස්ත්‍රික්කයේ පලාටුව හී උපන් ගෝඨාභය මහතා, හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ, විජයානන්ද දහනායක රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතර, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.

සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූවේය.

හමුදා දිවිය

කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.

1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී “Strike Hard” සහ “ත්‍රිවිධ බලය” යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

ආරක්ෂක ලේකම්වරයා ලෙස

සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝ‍ඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.

2009 වසරේ සිවිල් යුද්ධය මැයි මසදී  අවසන් කිරීමට, “යුධ වීරයෙක්” ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට, ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.

මීට අමතරව එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර හෙබවූයේ ද මෙතුමා විසිනි.