කතක්, මගියකුගේ පහත් ක්‍රියාව විඩියෝ කර පොලිසියට දෙයි

0
Mobile Video - කතක්, මගියකුගේ පහත් ක්‍රියාව විඩියෝ කර පොලිසියට දෙයි

කැස්බෑව – පිටකොටුව බස් රථයක ගමන් ගත් සුරූපි කාන්තාවකට ඇය අසල ගමන් ගත් පුද්ගලයකු ඔහුගේ රහස් පෙදෙස පෙන්වද්දී එය ජංගම දුරකථනයෙන් හොර රහසේ පටිගත කර පොලිසියට අල්ලාදීමට සුරූපී කාන්තාවක් කටයුතු කළ බව කොහුවල පොලිසිය කියයි.

ඇය තම ජංගම දුරකථනයේ සටහන් එම දර්ශන ද පොලීසියට බාර දීමට කටයුතු කළාය.

බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරන 49 හැවිරිදි එම කාන්තාව කැස්බෑව පිටකොටුව දක්වා ගමන් ගත් බසයකදී මෙම අතවරයට ලක් වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

එම කාන්තාව අසල අසුන් ගෙන ඇති අතර සැකකාර පුද්ගලයා අනෙක් මගීන්ට නොපෙනෙන පරිදි රහස් පෙදෙස පෙන්වා ඇති අතර කිසිදු කලබලයක් නොපෙන් වූ එම කාන්තාව සැකකරුට හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් එම පුද්ගලයාගේ හැසිරීම පටිගත කර ඇතැයි පොලිසිය කියයි

බස් රථය බොරලස්ගමුව නගරයේ මාර්ග සංඥා පසු කරනවාත් සමගම සැකකරුගේ පහත් ක්‍රියාව සම්බන්ධයෙන් බස් කොන්දොස්තරවරයා දැනුම්වත් කිරීමට කර සැකකරු පොලිසිට අල්ලා දීමට කටයුතු කළාය.