බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

0
බාල වයස්කාර

බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ බව පැවසෙන තරුණයෙක් හලාවත පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 11ක් සහ 09ක් වන තම දැරියන් දෙදෙනා අදාළ සැකකරු විසින් අපයෝජනය කර ඇතැයි එම දැරියන්ගේ මව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.

අපයෝජනයට ලක්වු දැරියන්ගේ දෙමාපියන්ට අයත් බව පැවසෙන වෙළෙඳ සැලක අදාළ සැකකරු සේවය කර ඇති අතර එම කාලයේ දී ඔහු දැරියන් අපයෝජනයට ලක්කර ඇතැයි විමර්ශනවලදී හෙළිව ඇත.

පසුගිය දිනක සැකකරු එක්වරම අතුරුදන් වී ඇති අතර, එම අවස්ථාවේ දී දැරියන් විසින් තමාට සිදුවු දේ මවට පවසා තිබේ.

අපයෝජනයට ලක්වු දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර, හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.‍