ශිෂ්‍යත්ව විභාගයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

0
ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි
2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව තිබුණි.

පසුව ඒ සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව තීරණයකට එළැඹෙන බව අමාත්‍යවරයා පසුගිය 9 වන දා පැවසීය.