එකවර මිය ගොස් සිටි විශාල කැස්බෑවුන් 06 දෙනෙකු හමුවෙයි

0
Trutles - එකවර මිය ගොස් සිටි විශාල කැස්බෑවුන් 06 දෙනෙකු හමුවෙයි
මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරයේදී මියගොස් මුහුදුවෙරලට ගොඩගසා තිබූ කැස්බෑවුන් 06 දෙනෙකුගේ සිරුරු සොයාගත් බවට මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

වංකාලෙයිපාඩු නාවිකහමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකට අදාල කැස්බෑ සිරුරු හමුවීමෙන් පසුව ඒ පිළිබඳව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව අදාල ස්තානයට වනජීවි නිලධාරීන් ගොස් කැස්බෑ සිරුරු රැගෙන යාමට කටයුතු කරන ලදි.

උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක්ද අදාල සථානයට ගොස් කැස්බෑ සිරුරු පරික්ෂා කොට අවසන් කටයුතු සිදුකල අතර කැස්බෑවුන් නරක් වී තිබී ඇති අතර මිය යාමට හේතුව නිශ්චිතව අනාවරනය වී නොමැති හෙයින් කැස්බෑ සිරුරු කොටස් සායන පරික්ෂාවකටද යොමු කොට ඇති බවට වනජීවි නිලධාරීන් පැවසීය.

මේ අතර ප්‍රදේශ ධීවරයින් පවසා සිටියේ අදාල කැස්බෑවුන් මිය ගොස් ඇත්තේ පසුගියදා ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ බලපෑම නිස බවට තමන් සැක කරන බවටය.