තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක්

1
Covid Deaths Yesterday - තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක්
අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (17) සිදුව ඇති එම කොවිඩ් මරණ 46න් 16 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 30දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 33දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.