2023 සඳ තරණය කරන කණ්ඩායමේ අවසන් 17 අතරට තේරී පත්වූ ලංකාවේ සඳලි

0
Sandali - 2023 සඳ තරණය කරන කණ්ඩායමේ අවසන් 17 අතරට තේරී පත්වූ ලංකාවේ සඳලි

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරාගන්නා කණ්ඩායමේ අවසන් 17 දෙනා අතරට ශ්‍රී ලංකාවේ සදනි කුමාරසිංහ තේරී පත්වී තිබෙනවා.

රටවල් 249 අතරෙන් අයදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන ඇති අතර ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වනවා.

වයස අවුරුදු 20ක් වන සඳලි මෙන්ම අමරිකාවේ අලෙස්සා නිකොලා මේ සඳහා තේරී පත්වී ඇති අනෙක් ලාබාලම තරුණියයි.

සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.

2019 වර්ෂයේදී සදනි කුමාරසිංහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින සදනි කුමාරසිංහ ඊයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.