දෙහිවල සත්වෝද්‍යානයේ සත්ත්වයින් සිව් දෙනෙකුට කොවිඩ්

0
දෙහිවල සත්වෝද්‍යානයේ සත්ත්වයින් සිව් දෙනෙකුට කොවිඩ්

දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සියන් දෙදෙනෙකුට සහ ඔරං ඔටං සත්ත්වයින් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් එම සත්ත්වයින්ගේ හැසිරිමේ හා ආහාර ගැනීමේ රටාවේ කිසිදු වෙනසක් නොමැති බවය.

ඒ හේතුවෙන්, වෛරසය ආසාදනය වී ඇත්දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

එම සත්ත්වයින් සිව් දෙනා සෙසු සතුන්ගෙන් වෙන් කර නිරෝධායනයට ද යොමු කර තිබේ.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකට ද මීට පෙර කොවිඩ් ආසාදනය විය.

එම සත්ත්වයින් මේ වනවිට සුවය ලබා ඇතැයි, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.