උපන් දිනය දා කාන්තාවකගේ ජීවිතය අහිමි කළ ඛේදවාචකය

0
Mahawa Incident - උපන් දිනය දා කාන්තාවකගේ ජීවිතය අහිමි කළ ඛේදවාචකය
සිය උපන් දිනයේ දී ඇතෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ කාන්තාවක් පිළිබඳ පුවතක් මහව – උලලපොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පී.එච්. නන්දාවතී‍ නැමැති කාන්තාවක්.

ඇගේ 49 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීමද විශේෂත්වයක්.

අදාළ කාන්තාව සිය නිවස ඉදිරිපිට සිටියදී ඇතා එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී ඇය නිවස තුළට දිවගොස් ඇති අතර, ඇතා ද ඇය පසුපස හඹා ගොස් තිබුණා.

අනතුරුව ඇතා යාබද කැලයකට ගොස් ඇත්තේ එම ස්ථානයේ ඇති විදුලි වැටක් ද කඩා දමමින්.

අප වාර්තාකරු සඳහන් කළේ ඇතා එම කැලයේ තවමත් සැරිසරන බවයි.