තවත් කොරෝනා මරණ 31ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 31ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 16 තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3733ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 17ක් සහ කාන්තාවන් 14ක් ඇතුලත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 6ක් සහ කාන්තාවන් දෙදෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 11ක් සහ කාන්තාවන් 12ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.