රිශාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට

0
Rishad Bathiudeen - රිශාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට
හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි ඔහු පසුවන්නේ.

අද පෙරවරුවේ මන්ත්‍රීවරයා රහස් පොලිස් නිළධාරීන්ට දන්වා තිබුණේ තමන්ට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඔහු කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයට ප්‍රථමයෙන් ඇතුළත් කර ඇති අතර අනතුරුව වෛද්‍ය උපදෙස් මත රිශාඩ් බදියුදීන් මහතා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.