කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක්..ලෙඩේ වැළඳුණු දරුවෝ 34කුත් හමුවෙලා…

0
Ridgeway Hospital - කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක්..ලෙඩේ වැළඳුණු දරුවෝ 34කුත් හමුවෙලා...
බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු මෙරටින් වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන්. සී. කිතුල්වත්ත මහතා පවසයි.

මේ රෝගය පැතිරෙන්නේ කොරෝනා වැළඳුණු දරුවන් අතරේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මින් දරුවන් 21 දෙනෙකුට රිජ්වේ රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති බවත් දරුවන් පස් දෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඔහු කීවේය.

මෙයට අමතරව ගාල්ල කරාපිටිය රෝහලෙන් දරුවන් හයදෙනෙකුද මහනුවර රෝහලින් දරුවන් සිවු දෙනකුද වාර්තා වී ඇතැයි කී කිතුල්වත්ත මහතා යාපනය ,දියතලාව කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වලින්ද දරුවන් වාර්තා වී තිබෙන බව පැවසුවේය.

මෙම රෝගය කොරෝනා රෝගයට සම්බන්ධ එකක් බවත් කොරෝනා රෝගය වැළඳී සති දෙකක් හයත් අතර කාලයකදී මේ රෝගය ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙම රෝගය ලෝකයේ අලුතින් ඇතිවූ එකකැයිද කිතුල්වත්ත මහතා පැවසුවේය.

බඩේ කැක්කුම ,සමේ දද, පාචනය සහ ඇස් රතු වීම බහු ඉන්ද්‍රිය ආසාදනයේ ප්‍රධාන ලක්ෂණ බවත් පවතින තත්වය යටතේ මවුපියන් මේ රෝගය ගැන දැඩි සැලකිල්ලෙන් පසුවීම වැදගත් බවත් නලින් කිතුල්වත්ත මහතා අවධාරණය කළේය.