බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය දැරිය දිගු කලක් තිස්සේ අපයෝජනය වී ඇතැයි පොලිසිය කියයි

0
Dead Girl in Rishad's House - බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය දැරිය දිගු කලක් තිස්සේ අපයෝජනය වී ඇතැයි පොලිසිය කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍ය වාර්තාවෙන් තහවුරු කර ඇතැයි පොලිසිය පවසයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට පැමිණ ඇත්තේ, මාස 8කට පමණ පෙරදී බවය.

ඇය ඊට පෙර සිට අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති බවත්, ඇය පදිංචි ප්‍රදේශය ආශ්‍රිතව ද පරීක්ෂණයක් සිදු කරන බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර, ඇය පිළිස්සුම් තුවාල ලබා මිය යාම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.

දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට පැමිණෙන විටත් අපයෝජනයට ලක්ව සිටි බවට විශ්වාස කරන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, දැරිය අපයෝජනයට ලක් වීම සහ පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරේ.

(මව්බිම වෙබ් අඩවිය ඇසුරිනි)