‘යකා බාස්’ අත්අඩංගුවට

0
'යකා බාස්' අත්අඩංගුවට

වසර 33 ක් තිස්සේ නීති විරෝධී ගිනි අවි නිපදවූ “ යකා බාස් ” නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කම්මල්කරුවෙකු සහ ඔහුගේ සගයෙකු තුවක්කු තුනක් සමඟ අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

ගලෙන්බිඳුනුවැව , මොරගොඩ , බැඳිවැව ප්‍රදේශයේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.

‘යකා බාස්’ නමින් හඳුන්වන එම කම්මල්කරු සන්තකයේ ගිනි අවි දෙකක් ද මොරගොඩ පොලිස් ස්ථානයට යාබද නිවසේ “ චන්ඩී ” නමින් හඳුන්වන පුදගලයා සන්තකයේ තවත් ගිනි අවියක් ද තිබී අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සියළුම ගිනි අවි මෙරට නිෂ්පාදිත “ කැප් තුවක්කු ” ගණයට අයත්වන බව පොලීසිය පවසයි.

‘යකා බාස්’ නමින් හඳුන්වන මෙම කම්මල්කරු 1988 වසරේ සිට මෙම නීති විරෝධී ගිනි අවි නිපදවා අළෙවිකරන බවත් මේ දක්වා තමන් විසින් ගිනි අවි විශාල සංඛ්‍යාවක් නිපදවා ඇති බවත් එම ප්‍රමාණය කෙතෙක් ද යන්න තමන්ට මතක නැති බව සැකකරු ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.

සැකකරුවන් අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.