මෙරට දරු උපත් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහල බසී

0
මෙරට දරු උපත් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහල බසී

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට දරු උපත් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස අඩුවී ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා නිසා විවාහ මංගල උත්සව නොපැවැත්වීම මෙයට ප්‍රධානතම හේතුව බවය.

“වර්ෂයක් තුළ 350,000ක් විතර දරු උපත් සිදුවෙනවා. නමුත් වසරක කාලයක් විවාහ මංගල උත්සව නොපැවැත්වීම නිසා 350,000ක් බිහිවෙන්න තියෙන දරුවන් සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා. කොරෝනා වසංගතයෙන් මිය ගිහින් තියෙන්නේ තාම 3,500ක් විතර. ඒත් 350,000ක් විතර උපදින්න තිබූ දරුවන්ට ඒ ඉඩකඩ අහිමි වෙලා.”