දීඝවාපිය ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියටත්

0
දීඝවාපිය ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියටත්

දීඝවාපිය ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ නිමා කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

එසේම බැතිමතුන් සඳහා අංග සම්පූර්ණ විශ්‍රාම ශාලාවක් හා ශාකවලින් සමන්විත පරිසරක් ඇති කරන බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, දීඝවාපිය ජූජා භූමියේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.