තවදුරටත් ලිහිල් වූ සංචරණ සීමා: සංගීත සංදර්ශන සඳහාත් අවසර

0
Musical Show - තවදුරටත් ලිහිල් වූ සංචරණ සීමා: සංගීත සංදර්ශන සඳහාත් අවසර

අද සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ  සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහීල් කිරීම් වලට අනුව, අද සිට සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, ශාලාවන් තුල පවත්වනු ලබන සංගීත සංදර්ශණ පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

කෙසේ වුවත් එළිමහන් සැණකෙළි සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත්තේ.

මේ අතර ආගමික ස්ථාන යලි විවෘත කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි.

New Health Guide Series