බිඳුණු ප්‍රේමය නිසා දිවි නසාගත් තරුණයාට කොවිඩ්

0
Suicide - බිඳුණු ප්‍රේමය නිසා දිවි නසාගත් තරුණයාට කොවිඩ්

පෙම් සබඳතාවක් දෙදරායෑමෙන් පසුගිය 12 දින රාත්‍රි සිය නිවෙසේදී තරුණයකු ගෙලවැලලාගෙන මියගිය බවද එම මළ සිරුර සම්බන්ධ පැවැති පී.සී.ආර්. පරීක්‍ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වූ බවද කොටවෙහෙර පොලිසිය පවසනවා.

මෙලෙස මියගියේ කොටවෙහෙර පොලිස් වසමේ තබරොම්බුව පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මියගිය අය කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පෙම්වතියද එම ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

දෙදෙනා අතර ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සිත් තැවුලටපත් පෙම්වතා ලිපියක් ලියා තබා නිවෙසේදී ගෙලවැලලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.