මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමෙ අවදානමක්

0
මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමෙ අවදානමක්

ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ ලබාගත් නියැඳී මගින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේ වනවිට මෙරටින් ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.