නාවලපිටියේ බල පෙරලියක්! සජබයේ බලය බිඳවැටේ

0
SJB and Pohottuwa - නාවලපිටියේ බල පෙරලියක්! සජබයේ බලය බිඳවැටේ

සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද (15දා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමත් ව ඇත.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජිව මහතාව සභාපතිධුරයෙන් සහ මන්ත්‍රීධූරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරිමෙන් අනතුරුව එම සභාවට සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය අද (15දා) දින මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලවේදි පැවැත්විණ.

නාවලපිටිය නගර සභාව සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 07 , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05 , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක්, ස්වාධින මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

(15) දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලන පක්ෂයට සහයෝගය දැක් වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් වු නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අමල් ප්‍රියංකර මහතා වැඩි ජන්ද ලබා ගනිමින් සභාපතිවරයා වශයෙන් තොරාපත් කෙරිණ.