මන්නාරම නගරයේ දේවස්ථානවලට ගල්මුල් ප‍්‍රහාරයක්

0
මන්නාරම නගරයේ දේවස්ථානවලට ගල්මුල් ප‍්‍රහාරයක්

මන්නාරම නගරයේ ස්ථාන කිහිපයක තිබූ කිතුනු සුරුවම් කිහිපයකට පසුගිය දින දෙකක කාලය තුළ ගල් ප්‍රහාර එල්ල වී ඇති බව මන්නාරම ප්‍රදේශවාසීහු පවසනවා

ප්‍රදේශවාසීන් පවසන්නේ මන්නාරම නගරයේ ස්ථාපිත කිතුනු සුරුවම් කිහිපයකට සහ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ ස්ථාපිත කිතුනු සුරුවමක් ඇතුළු සුරුවම් හතරක් වෙත එලෙස ගල් ප්‍රහාර එල්ල වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය සඳහන් කරන්නේ මන්නාරම නගරයේ මංසන්ධිවල පිහිටි කිතුනු සුරුවම් දෙකකට ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත් ගල් ප්‍රහාරවලින් සුරුවම්වල ආවරණයට සකස්කොට තිබූ වීදුරු ආවරණ කැඩී ගොස් ඇති බවත්ය

ගල් ප්‍රහාර එල්ල කළ පිරිස් සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ