බැසිල් විමල්ගේ අමාත්‍යංශය කැදවයි! නිලධාරින් යයි.. විමල් නොයයි…

0
Basil and Wimal - බැසිල් විමල්ගේ අමාත්‍යංශය කැදවයි! නිලධාරින් යයි.. විමල් නොයයි...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් සමග කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්චාවක් පවත්වා තිබිණි.

මෙම හමුව අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයට අදාල අනෙකුත් ආයතන ප‍්‍රධානීන්ද මෙන්ම මෙරට විවිධ කර්මාන්තවල නියැලෙන සංගම් නියෝජිතයන්ද එක්ව සිට තිබේ.

කෙසේ වෙතත් ඒ එම හමුව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්වී සිටියේ නැත.

වීරවංශ මහතාට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ අද දිනය තුළ කොළඹින් බැහැරව සිටින බවය.