13 හැවිරිදි දැරියකුත් අපයෝජනයට – දැරියගේ පියා ඇතුළු 5ක් අත්අඩංගුවට

0
Sexual Abuse 13 හැවිරිදි දැරියකුත් අපයෝජනයට - දැරියගේ පියා ඇතුළු 5ක් අත්අඩංගුවට
13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර දැරියගේ පියා ද සිටින බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

කාන්තාව ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මෙම දැරියව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සහ විවිධ පුද්ගලයින් විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැණුනු අතර ඊට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.