කොවිඩ් අවදානම යළි ඉහළ යාහැකි බවට අනතුරු ඇඟවීමක්

0
Covid in Sri Lanka - කොවිඩ් අවදානම යළි ඉහළ යාහැකි බවට අනතුරු ඇඟවීමක්
කොවිඩ් වසංගතයේ අවදානම් තත්වය රටතුළ යළිත් ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

කොවිඩ් වෛරසයේ ජාන විකෘති වූ ප්‍රබේද සහ නව ප්‍රබේද දිවයිනේ ප්‍රදේශ රැසකින් හදුනාගැනීම ඊට හේතුව බවයි ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දුන්නේ.

මෙම තත්වය අවබෝධයට ගනිමින් යළිත් අහඹු පී සී ආර් පරික්ෂණ වැඩි කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

කොවිඩ් මර්දන එන්නත්කරණය තුලින් ලැබෙන රැකවරණය සම්බන්ධයෙන් රටතුල නිසි අධ්‍යයනයක් කළ යුතු බවද රජයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අවධාරණය කළා.