අද කොවිඩ් ආසාදිතයින් ගණන 1453ක්

0
Covid 19 New Cases - අද කොවිඩ් ආසාදිතයින් ගණන 1453ක්
අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1453ක් වාර්තා වී තිබෙනවා.

ඒ ප්‍රථමයෙන් වාර්තා වූ ආසාදිතයින් 988ක් සහ පසුව වාර්තා වූ ආසාදිතයින් 465ත් සමගයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 278,972 ක්.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 5449 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 257,508ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Recoveries Today

අද තවත් කොවිඩ් මරණ 37ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…