රට සම්පූර්ණයෙන් විවෘත කරන්නේ කවදාද?

0
Genaral Shavendra Silva - රට සම්පූර්ණයෙන් විවෘත කරන්නේ කවදාද?

විශාල වශයෙන් වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් අද (14) ඒ බව පැවසීය.

“විශාල වශයෙන් වෙනසක් ඇති නොවුණොත් සැප්තැම්බර් වෙනකොට රට විවෘත කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එන්නත් දෙකම අරන් විදේශ රටවලින් එන අයටත් රට විවෘත කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.” යනුවෙන් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.