හරීන් ප්‍රනාන්දුට කරන්නේ කුමක්ද? නීතිපති අධිකරණයට දන්වයි

0
Harin Fernando - හරීන් ප්‍රනාන්දුට කරන්නේ කුමක්ද? නීතිපති අධිකරණයට දන්වයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට අද දන්වා ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එසේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන නිසා මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සමට අදාළ ව කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.