දෙහිවල සත්ත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත සිංහයා සුවය ලබයි

0
දෙහිවල-සත්ත්වෝද්‍යානයේ-කොරෝනා-ආසාදිත-සිංහයා-සුවය-ලබයි

දෙහිවල සත්ත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත සිංහයා සුවය ලබා ඇතැයි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ , සිංහ ධේනුව ද, මේ වනවිට සුවය ලබමින් සිටින බවයි.

මේ අතර සත්ත්වෝද්‍යානයේ වෙනත් සතුන්ට කොරෝනා ආසාදනය වී නොමැති  බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර පින්නවල සත්වෝද්‍යානයේ හා හම්බන්තොට සෆාරි සත්ත්වෝද්‍යානයේ සතුන්ට කොරෝනා ආසාදනය වී ඇත්දැයි, සොයා බැලීම සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් පත් කර ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය.