ගුරු සංගම් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

0
ගුරු සංගම් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකයි.

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ගුරු සංගම් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකය.

ගුරු වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම් පිළිබඳව රජය මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට හේතුවී ඇති බවය.

විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ඇත.

මේ හේතුවෙන් සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ