පෙම්වතියන්ගේ නිරුවත් දසුන් අන්තර්ජාලයට දැමූ පෙම්වතුන් 5ක් අත්අඩංගුවට

0
Arrest - පෙම්වතියන්ගේ නිරුවත් දසුන් අන්තර්ජාලයට දැමූ පෙම්වතුන් 5ක් අත්අඩංගුවට
පෙම්වතුන් ලෙස සිටියදී පෙම්වතියන් සමග ගත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙම්වතියන් විවාහ වූ පසුව අන්තර්ජාලයට මුදාහැරීමට ක්‍රියා කළ පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පිළියන්දල, ගම්පහ, මහනුවර, පිටකෝට්ටේ හා රාජගිරියෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට ලද පැමිණිලි ඔස්සේ කළ විමර්ශනවලදීය.

තම පෙම්වතියන් වෙනත් පුද්ගලයන් සමග විවාහ වූ පසුව විවාහයට පෙර ගත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ තිබෙන බවත්, ඒ සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.