පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ තිදෙනෙකු පොලිස් දැලෙ

0
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ තිදෙනෙකු පොලිස් දැලෙ

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කොල්ලකෑම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔවුන් තිදෙනා කුරුණෑගල, සහ වත්තල සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.

එක් සැකකරුවෙකු සතුව ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් පැවතී බවත් එය ප්‍රදර්ශනය කර පුද්ගලයින්ට අත් විලංගු දමා ජනතාව වැඩි වශයෙන් නොගැවසෙන ස්ථානවලට රැගෙන් ගොස් මුදල් හෝ ස්වර්ණාභරණ කොල්ලකෑම සිදු කරන බවත් ඒ මහතා කියා සිටියා.

මෙවැනි සිදුවීම් 17ක් පමණ වත්තල, මෝදර වැල්ලම්පිටිය ප්‍රදේශවලින් වාර්තා වන බවත් , ඒ අනුව කළ විමර්ශන වලදී මොවුන් අත්අඩංගුවට ගැනුණා.